අත්තම්මේ ...

ලේ කිරි නොවූවත් මා වෙනුවෙන් නුඹට
නුඹට ළං වුනා මවටත් වැඩියෙන් විටෙක
පුදුමත් හිතෙනවා මට නම් හැම විටම
නුඹෙ නෙතු වගේ මා රැක ගත්තේ කොහොම?

මගෙ තනි නොතනියට හැමදා ළඟට වෙලා
සිටියා නුඹ මගෙ හොඳ මිතුරියම වෙලා
දුන් හැටි අවවාද මගෙ හිස අතගාලා
අමතක නොවී ඇත සැමදා සිත රැඳිලා

ඔහු හා මෙමා අතිනත ගත් ඒ දවසේ
සතුටු කඳුළු දුටුවා මා නුඹෙ මුහුණේ
නුඹෙ සෙනෙහසයි ඒ උතුරා යනු දුටුවේ
සතුටටවත් නොහඬන් මගෙ අත්තම්මේ ...


Comments

Popular posts from this blog

සොහොයුරණි....

අපි අපේමයි සදා....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...