Posts

Showing posts from 2012

ඔබ නිදහස් සමනළයෙකි..

ඔබ නිදහස් සමනළයෙකි දසත ඉගිලෙනා මලින් මලට ඉගිලී ගොස් දඟ කම් පානා මා රෝස මලකි ඔබගේ මල් ගොමුවේ සිටිනා සෑම මලකටම වැඩියෙන් ඔබ ගැන සිතනා ... මලින් මලට ඉගිලී ගොස් දොඩමළු වෙයි ඔබ එවිට දුකක් දැනුනත් මට එය නොදනියි ඔබ මා කෙතරම් හැඞුවත් මා දෙස නොබලයි ඔබ මේ තරම්ම නපුරු වුනේ කෙලෙසකදෝ ඔබ ... ඔබ මෙන් පියඹා යාමට මම තටු නොමලදිමි ඔබ යන මග කෙටි බව මා හොඳහැටි දනිමි තටු හකුලා මා වෙත එන බව මම දනිමි එදින එන තුරා මා නම් අතැඟිලි ගණිමි ...

මැරෙන්න වත් ඉඩදෙනවද මට නුඹේ පපුතුර......

නුඹේ කදුළු නොපෙනෙනවා නොවෙයි මට, නුඹේ සුසුම් නොදැනෙනවා නොවෙයි මට, ආදරයක් කියාදුන්නේ නුඹයි මට, අදටත් නොතේරෙයි නුඹ ගැන නම් මෙමට.. නුඹේ හදවත මට දැනුනේ දුරස්ව ගිය විට, කව්ද ඉන්නේ හදන්න දැන් මගේ මේ හදවත, දිනෙන් දින එදා නුඹ කියූ ඒ හැම වදනම, වැටහෙන්නේ නුඹ මාගෙන් දුරස්වූ හින්දද?.. පියෙක් වගේ රැකගත්තේ මා නුඹ ලග විට, උමතුවක් වගෙයි නැති විට නුඹ ඒ සෙනෙහස, සැරෙන් කීව හැම වචනෙම මිහිර දැනෙයි අද, මැරෙන්න වත් ඉඩදෙනවද මට නුඹේ පපුතුර.. 

මගේ තාත්තා .....

Image
 මගේ ජීවිතයට අම්මටත් වඩා හුගාක් ළං උන කෙනා තාත්තා ... චූටි කාලේ තාත්තා ඔෆිස් ගියාම මම තාත්තා ගේ කමිසයක් අතේ තියන් ඉන්නවලු තාත්තා අපහු එනකල්.. මම මොන්ටිසෝරියේ ඉදන් දහතුන වසර වෙනකල් ඉස්කෝලේ ගියේ තාත්තා එක්ක .. දැන් මම ගුරුවරියක් වෙලත් මම ඉස්කෝලේ යන්නේ තාත්තා එක්ක ... තාත්තා මට දඩුවම් ඕනි තරම් දීලා තියෙනවා .. මටත් අම්මා කොච්චර බැන්නත් ගැහුවත් ගාණක් නෑ.. ඒත් තාත්තා වචනයක් කිව්වත් මගේ හිත හුගක් රිදෙනවා.. ඔය අතර තුරේ මට ටිකක් දරුණු අසනීපයක් හැදෙනවා මං උසස්පෙළ කරපු අව්රුද්දේ.... මට මතකය් තාත්තා මාව අත් දෙකෙන් උස්සගෙන ඉස්පිරිතාලෙට අරන්යනවා.. එතනින් එහාට මොනවා උනාද කියලා මං දන්නේ නෑ.. මට සිහිය එද්දී මට පෙනුණේ අසරණ වෙලා කෑ ගහ ගහා අඬන තාත්තා ගේ මුණ... හ්ම්ම්...... ඊට දවස් ගණනකට පස්සේ මට අම්මා කිව්වා, මට ඔක්සිජන් දෙද්දී තාත්තා හයියෙන් අඬලා... මං දැන් ජීවත් වෙනවා ... ඒත් තාත්තා දැන් දුර්වලයි.. මගේ ලෝකේ ඉන්න එකම වීරයා මගේ තාත්තා ... තාත්තා අපිව මේ තත්ත්වෙට ගන්න පුදුම විදිහට දුක්වින්දා ..ඒවා ගැන ලියන්න ගියොත් මං හුගක් සංවේදී වෙනවා ,,, දැනටමත් මං හොදටම අඬනවා....හ්ම්ම්ම් ... අද තාත්තා හුගක් සතුටු

ජීවය දුන්නේ ඔබම තමයි...

Image
            ජීවය දුන්නේ ඔබම තමයි ශක්තිය වූයේ ඔබ පමණයි                   ජීවිතයේ මා ලද නොවෙනස් සෙනෙහස ලැබුවේ අම්මේ ඔබගෙන්මයි .........   සෙවනැල්ලක් මෙන් ළඟ හිඳිමින් මා හඞනා විට ඔබ හඞමින් මා හිනැහෙන විට ඒ දැක අම්මේ සැනසුනේ සිතින් ඔබ පමණයි ........... සෙනෙහෙ ගඟුල ඔබගේ අම්මේ කිසිදිනයක නෑ නිම වන්නේ , අම්මේ මතු ඔබ නිවන් දකින තුරු සෙනෙහස ඉල්ලා මම එන්නේ .. ඔබ ළඟටම වී මම ඉන්නේ ......!

සොහොයුරණි....

සමහර අය ඉඳියි අපෙ දුක විතරක් පතන, තවකෙකු සිටියි සතුටෙදි පමණක් ඉන්න, ඇතැමෙක් සිටියි සියල්ල සූරා ගෙන කන්න, එක් අයෙක් සිටියි පෙර කී කිසිත් නොපතන,, ඔබ කී වදන් අද මට රන් මැණික් වගේ, වැටහෙන්නේ දැනුයි මට ඒවායේ අගේ, ඇදුරුතුමෙකි ඔබ මට ජීවන ගමන් මගේ, ඔබය සැබවින්ම දිවි මග එකලු කලේ,,, මගේ සොහොයුරණි ඔබ මට නෙතු සඟල වගෙයි, මා සොහොයුරේ ඔබෙ ගුණ මහ සයුර සමයි,, ඔබගේ දිවිය කැප කෙරුවේ මටම තමයි,, මතු සසරෙදිත් මම ඔබෙ නැගණියම තමයි.... (මගේ සහෝදරයින් දෙදෙනාට මගෙන් පිදෙන උපහාරය..)

ලියන්නට අවසරයි...

Image
...මට හිතෙන, මට හැඟෙන, හරවත් යමක්                          ඔබේත් මගේත් හදවතට දැනෙන.... ............... (නිහඬ නිම්නය දිගේ පියමං කරන්නට මට සවිය දෙන සෑම කෙනෙකුටම ස්තූතියි)