Posts

Showing posts from August, 2017

......මනසින් උසස් මිනිසා.....

Image
මනසින් උසස් මිනිසා මනුසත් කම නොහඳුනනා මිනිසුන්ටම වින කරනා හැටි පෙනුනා දුටුවා දේවාලයකැයි කියන තැනක් බැලුවා එබී වෙන දේ නැවතී මොහොතක් මිනිසුන් පිරී එහි නැත අතුරක් සිදුරක් දුටුවා පිරිවරක් සමගින් ඉන්නා කපුවෙක් පෝලිමකට වෙලා අතැතිව පොල් ගෙඩියක් දත්මිටි කමින් මුමුණයි කෙනෙකුගේ නමක් අනේ දෙවියනේ බිඳියන් අතක් පයක් සිතා ගසයි පොල් මනසින් උසස් සතෙක් කන්නට ගෙදර අහලක පොලයක් නෑලූ දරුවන් හාමතේ අද නිදියනවාලූ ඉරිසියාව සිත් තුල පැසවනවාලූ  මනසින් උසස් මිනිසා පිරිහෙනවාලූ ….