Posts

Showing posts from December, 2017

මනාපය...

Image
        අද උඹේ දෙපා මුල      මනාපය යදින උන්     රජවේවි හෙට දිනේ      නුඹෙ හිස පාගමින් ...     අන්න ඒ දවසට      උන් යනෙන පාරෙවත්      ගමන් යන්නට උඹට     වේවි තහනම් ඉතින්…     මහ කැලෑ උගුලාවි      දළ ඇතුන් මිය යාවි      උන් බලය පතුරාවි,     උඹ තවත් බය වේවි...      මුලා නොවී මුසා බසට     උඹට අයිති මනාපයෙන්      පත්කරහන් එකෙක් ගමට     උඹේ හිතට විශ්වසෙන් …