Posts

Showing posts from 2015

අපි අපේමයි සදා....

Image
හැමදාම ළඟ හිටිය නුඹේ ලොකු ඇස් දිහා බලන්නත් අද මට ඇයිද තහනම් වෙලා?... ඒත් මට හිතයි නුඹ පෙනෙන දුරකට වෙලා බලා යන්නට වරක් නුඹ තුටින් දෝ කියා... හැමදාම නිදි නොඑන මගේ මැරුණ ඇස් දිහා නුඹ බලා කියන හැටි අපි අපේමයි කියා... කිසිවිටෙක සිතුවේ නෑ මෙසේ සිදුවෙයි කියා නෙතු හඬයි දවා රෑ අපි අසරණයි නිසා... අපි වැරදි නොකෙරුවත් අපිව වරදක් වෙලා තවකෙක් සතුටු වෙයි හඬන අප දෙස බලා අපේ හිත් කිසිවෙකුත් නොමහඳුනනා නිසා ඉවසා ඉමු රත්තරනේ අපි අපේමයි සදා.... This is for my ever loving Gihan aiya..The reason behind my smile.... :)  Sometimes, it's hard to find words to tell you how much you mean to me.A lot of times,I don't say anything at all.But I hope someday,you'll understand,having you is what I live for....                                   

සදාතනික සිහිනය ..

Image
හිත නැවතියන් දැන්, හීල්ලුවා ඇති  දැන් , ඇති නොවී නැති වුන,  බැඳීමක් වෙනුවෙන්,,,,, හඬපන් මගෙ ඇස් , ඇති වෙනකල්  අද, මගෙ අසරණ කමට නොව, මන් හින්ද අසරණ වුනු , ඒ ලොකු ඇස් වෙනුවෙන්..  සොයුරු පෙම , මිතුරුදම  අතර  සිරවුනු  අපේ  ආදරය …….  මේ අපේ දෛවයද, ඉරණමද  කියන් මට …. අවසානයක් නොදැක  නතර වුනු අප දෙදෙන ඇත්තටම පැරදුනේ   මිතුරුදමටද ? සොයුරුපෙමටද?  කියා නොම හැඟේ මට…..