Posts

Showing posts from January, 2013

මට ආදරේ හිතුනා..

Image
මා හඬනා විට , හඬන නුඹ දැක, පුදුමයකැයි දැනුනා .. නුඹ ගැන ආදරේ හිතුනා .... ඔබ නිසා හැඬුවා , නොයෙකුත් චෝදනා වින්දා, දමා යන්නට විටදී සැරසුන, හඬා වැටෙනා නුඹව දුටු විට, මගෙත් හිතත් හැඬුවා ..... මට ආදරේ හිතුනා..... බැනුම් කොතරම් ලදත් මාගෙන් ඇයිද නුඹ මා හැර නොයන්නේ , මගේ සිත ඇසුවා ...... ඒ ආදරේ යැයි , හිත මටම කීවා ... ......මට ආදරේ හිතුනා..

ඔය හසරැල්ල සගවන්නෙපා කිසිදිනයක ...

Image
--> ඔය හසරැල්ල සගවන්නෙපා කිසිදිනයක දනිමි නමුත් එය මට හිමි නැති බව අහිමි වුනත් ඔබ මා හට හැමදින අයිතිය දෙනු මැන එක හසරැල්ලක .. හඬනු එපා ඔබ නම් කිසිදිනයක විඳිනු එපා විරහව කිසිදිනයක දිවිහිමියෙන් පෙම් කර ඔබ ඇය හට වටහා ගනු මැන පෙමක සොදුරු බව .. මම නික්මී යමි ඔබගෙන් ඈතට පැතුමන් පමණක් හදෙහි තබාගෙන අවැසි වුනොත් යලි මගෙ මේ සෙනෙහස පැමිණ බලනු මම බලා හිදිමි මග ..

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...

Image
මං හැඞුවෙ දුක දරාන ඉන්න බැරි කමටයි නුඹ මගෙන් වෙන්ව ගිය බව දැනගත්තාමයි මං ආදරෙ කෙරුවේ හැර යන්න නෙමෙයි සත්තකින්ම ප්‍ රේමය නම් දුකක් තමයි.. නුඹ මා මලකැයි පෙරදින කීවා තමයි නුඹ සමනලයායැයි කියලා සිතුවෙ මමයි සමනලයින් කිසිඳින මල් දමා නොයයි නුඹ සමනලයෙකු නොව වන බඹරෙකුමයි.. තරු අතරින් සඳ හොයාන ගියේ මමයි සඳ හැමදා ළඟ සිටීවි සිතුවෙ මමයි එසේ සිතන් තරු අමතක කලේ මමයි සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...