Posts

Showing posts from September, 2017

සමුදෙන්නට කලියෙන්...

Image
සමුදෙන්නට කලියෙන් ජීවිතයට කල කී දේ ගැන හිතා බලන්න කිසිම දිනකදී වෙන කෙකු වෙනුවෙන් එපා නුඹේ දිවි තොර කරගන්න මවට මැරෙන්නට හේතු තියෙන්නැති ඒත් නුඹ නිසා ජීවත් වෙන්නැති ඈ නුඹ එනතුරු මග බලාන ඇති නුඹ මැරුනොත් ඈ අසරණ වෙනු ඇති නොලැබෙන කෙනෙකුට මැරෙන්න යන නුඹ නොදන්නේද නුඹ කරන පවේ බර මැරෙන්න තරමට නුඹට වටින අය හෙලන්නේ නෑ එක කඳුලක් වත් හෙට....

අත්තම්මේ ...

Image
ලේ කිරි නොවූවත් මා වෙනුවෙන් නුඹට නුඹට ළං වුනා මවටත් වැඩියෙන් විටෙක පුදුමත් හිතෙනවා මට නම් හැම විටම නුඹෙ නෙතු වගේ මා රැක ගත්තේ කොහොම ? මගෙ තනි නොතනියට හැමදා ළඟට වෙලා සිටියා නුඹ මගෙ හොඳ මිතුරියම වෙලා දුන් හැටි අවවාද මගෙ හිස අතගාලා අමතක නොවී ඇත සැමදා සිත රැඳිලා ඔහු හා මෙමා අතිනත ගත් ඒ දවසේ සතුටු කඳුළු දුටුවා මා නුඹෙ මුහුණේ නුඹෙ සෙනෙහසයි ඒ උතුරා යනු දුටුවේ සතුටටවත් නොහඬන් මගෙ අත්තම්මේ ...

නොසිතන නුඹට ....

Image
මත් බඳුනට දුම්වැටියට විතරක් නුඹ පෙම් කරද්දි, ප්‍රේම කතා පලක් වෙයිද නුඹ අවසිහියෙන් ඉදිද්දි...? නුඹත් එක්ක එකට උන්නු අයගෙ මගුල් වලට යද්දි, බිව්වා මිසක් නුඹ හිතුවද දවසක  නුඹ තනි වෙන හැටි..? හම්බ කරන හැම සතේම බේබදු කම ගිල ගනිද්දි , හීනෙන් වත් හිතුනෙ නැද්ද දවසක නුඹ නැතිවෙන හැටි...? නුඹෙ හොඳ ගති ගුණ ඔක්කොම ඇල්කොහොලින් දිය කරද්දි, නිකමටවත් දැක්කේ නැද්ද නුඹෙ සිරුරත් දිය වෙන  හැටි... ?