නොසිතන නුඹට ....

මත් බඳුනට දුම්වැටියට
විතරක් නුඹ පෙම් කරද්දි,
ප්‍රේම කතා පලක් වෙයිද
නුඹ අවසිහියෙන් ඉදිද්දි...?

නුඹත් එක්ක එකට උන්නු
අයගෙ මගුල් වලට යද්දි,
බිව්වා මිසක් නුඹ හිතුවද
දවසක  නුඹ තනි වෙන හැටි..?

හම්බ කරන හැම සතේම
බේබදු කම ගිල ගනිද්දි ,
හීනෙන් වත් හිතුනෙ නැද්ද
දවසක නුඹ නැතිවෙන හැටි...?

නුඹෙ හොඳ ගති ගුණ ඔක්කොම
ඇල්කොහොලින් දිය කරද්දි,
නිකමටවත් දැක්කේ නැද්ද
නුඹෙ සිරුරත් දිය වෙන  හැටි... ?

Comments

Popular posts from this blog

සොහොයුරණි....

අපි අපේමයි සදා....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...