මගේ තාත්තා .....

 මගේ ජීවිතයට අම්මටත් වඩා හුගාක් ළං උන කෙනා තාත්තා ... චූටි කාලේ තාත්තා ඔෆිස් ගියාම මම තාත්තා ගේ කමිසයක් අතේ තියන් ඉන්නවලු තාත්තා අපහු එනකල්.. මම මොන්ටිසෝරියේ ඉදන් දහතුන වසර වෙනකල් ඉස්කෝලේ ගියේ තාත්තා එක්ක .. දැන් මම ගුරුවරියක් වෙලත් මම ඉස්කෝලේ යන්නේ තාත්තා එක්ක ...
තාත්තා මට දඩුවම් ඕනි තරම් දීලා තියෙනවා .. මටත් අම්මා කොච්චර බැන්නත් ගැහුවත් ගාණක් නෑ.. ඒත් තාත්තා වචනයක් කිව්වත් මගේ හිත හුගක් රිදෙනවා..
ඔය අතර තුරේ මට ටිකක් දරුණු අසනීපයක් හැදෙනවා මං උසස්පෙළ කරපු අව්රුද්දේ.... මට මතකය් තාත්තා මාව අත් දෙකෙන් උස්සගෙන ඉස්පිරිතාලෙට අරන්යනවා.. එතනින් එහාට මොනවා උනාද කියලා මං දන්නේ නෑ.. මට සිහිය එද්දී මට පෙනුණේ අසරණ වෙලා කෑ ගහ ගහා අඬන තාත්තා ගේ මුණ... හ්ම්ම්......
ඊට දවස් ගණනකට පස්සේ මට අම්මා කිව්වා, මට ඔක්සිජන් දෙද්දී තාත්තා හයියෙන් අඬලා...
මං දැන් ජීවත් වෙනවා ... ඒත් තාත්තා දැන් දුර්වලයි..
මගේ ලෝකේ ඉන්න එකම වීරයා මගේ තාත්තා ... තාත්තා අපිව මේ තත්ත්වෙට ගන්න පුදුම විදිහට දුක්වින්දා ..ඒවා ගැන ලියන්න ගියොත් මං හුගක් සංවේදී වෙනවා ,,, දැනටමත් මං හොදටම අඬනවා....හ්ම්ම්ම් ... අද තාත්තා හුගක් සතුටු වෙනවා ඇති හදවතින්... මගේ තාත්තා මතු බුදු බව ලබන්න ඕනි......



පියාණෙනි නුඹ අහසකි අම්මා සඳක්  නම්
නුඹ මහා වෘක්ෂයකි අම්මා සෙවනක් නම්
නුඹේ සෙනෙහයේ නොපෙනෙන සවියක් ඇත්නම්
තව කුමකටද කවි පබැඳුම් නුඹේ සෙනෙහේ වෙනුවෙන්

නුඹ කුසගිනි දරා අප කුස පිරෙව්වා
අව්ව වැස්ස නොතකා නුඹ දුක් වින්ඳා
අප  පැරදුන විටදී නුඹ අප දිරිමත් කෙරුවා
එත් තාත්තේ නුබ ලොවටම රහසින් හැඬුවා
...............................................................................................
මෙමට වයස දහනමයක් වන කල්හි
මරණය ඇවිත් මා ගෙන යන්න සැරසෙන්නේ
බොදවූ නෙතින් මා නුඹේ අසරණ කම දුටුවේ
පුදුමයි පියාණෙනි නුඹේ සෙනෙහේ අරුමේ

මා ජීවය ලදිමි අදහා ගත නොහැකි ලෙස
නුඹ  සුරැකියි මාව නොයවා නුබෙන් පිට
නුඹ කල මෙහෙය සම කෙරුමට වදන් නැත
පියාණෙනි නුඹ  බුදු බව ලබනු ඇත .....





Comments

  1. අන්න හොදයි.තාත්තපා ගැනත් දාපු එක.http://mydesignethos.blogspot.com/2012/02/how-to-remove-word-verification-in.html මේකෙන් ගිහින් වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න

    ReplyDelete
  2. ම්ම් හොඳ සංවේදී කතාවක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ... ස්තූතියි යාලුවේ ..

      Delete
  3. Replies
    1. මාත් මේක ලියද්දී ගොඩාක් ඇඬුවා...

      Delete
  4. කියන්න දෙයක්වත් හිතට එන්නෙ නෑ.. හිස් උනා....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සොහොයුරණි....

අපි අපේමයි සදා....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...