මැරෙන්න වත් ඉඩදෙනවද මට නුඹේ පපුතුර......


නුඹේ කදුළු නොපෙනෙනවා නොවෙයි මට,
නුඹේ සුසුම් නොදැනෙනවා නොවෙයි මට,
ආදරයක් කියාදුන්නේ නුඹයි මට,
අදටත් නොතේරෙයි නුඹ ගැන නම් මෙමට..

නුඹේ හදවත මට දැනුනේ දුරස්ව ගිය විට,
කව්ද ඉන්නේ හදන්න දැන් මගේ මේ හදවත,
දිනෙන් දින එදා නුඹ කියූ ඒ හැම වදනම,
වැටහෙන්නේ නුඹ මාගෙන් දුරස්වූ හින්දද?..

පියෙක් වගේ රැකගත්තේ මා නුඹ ලග විට,
උමතුවක් වගෙයි නැති විට නුඹ ඒ සෙනෙහස,
සැරෙන් කීව හැම වචනෙම මිහිර දැනෙයි අද,
මැරෙන්න වත් ඉඩදෙනවද මට නුඹේ පපුතුර.. 


Comments

  1. කවි ටික ලස්සනයි.ඒත් අනේ මන්දා අන්තිම ටික නම මට ඇල්ලුවේ නෑ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි... මගේ යාලුවෙක්ගෙ කතාවක් ඇහුවම මගේ හිතේ ඇති වෙච්ච වචන ටිකක් මේ ... මං හිතනවා මගේ උත්සාහය සාර්ථකයි කියලා.

      Delete
    2. සාර්ථකයි.සාර්ථකයි.තවත් ඒවා ලියන්න..

      Delete
    3. වෙන අයගේ බ්ලොග් වලට ගිහිලා කමෙන්ට්ස් කරන්න.එතකොට ඔයගේ එකටත් කමෙන්ට්ස් එයි.

      http://sandaruwan-blog.blogspot.com/
      මේ තමා මගේ එක.ජය !

      Delete
    4. ස්තුතියි යාළු... හුගාක් ස්තුතිය්.. මම බලන්නම්..

      Delete

Post a Comment

Popular posts from this blog

අපි අපේමයි සදා....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...

මට ආදරේ හිතුනා..