ජීවය දුන්නේ ඔබම තමයි...


           
ජීවය දුන්නේ ඔබම තමයි
ශක්තිය වූයේ ඔබ පමණයි                 
ජීවිතයේ මා ලද නොවෙනස් සෙනෙහස
ලැබුවේ අම්මේ ඔබගෙන්මයි.........

 
සෙවනැල්ලක් මෙන් ළඟ හිඳිමින්
මා හඞනා විට ඔබ හඞමින්
මා හිනැහෙන විට දැක අම්මේ
සැනසුනේ සිතින් ඔබ පමණයි...........



සෙනෙහෙ ගඟුල ඔබගේ අම්මේ
කිසිදිනයක නෑ නිම වන්නේ,
අම්මේ මතු ඔබ නිවන් දකින තුරු
සෙනෙහස ඉල්ලා මම එන්නේ ..
ඔබ ළඟටම වී මම ඉන්නේ ......!

Comments

  1. අම්මලා ගැන වගේම තාත්තලා ගැනත් ලියන්න ඕනි.ලස්සන නිර්මාණයක්.

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න.කමෙන්ට් කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි.. තාත්තා ගැනත් පොස්ට් එකක් ලියන්න ඉන්නේ.. ඒක තවම ලියනවා .. මට වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න තේරෙන්නේ නෑ.. :(

      Delete
    2. http://mydesignethos.blogspot.com/2012/02/how-to-remove-word-verification-in.html

      මේ ලින්ක් එකට ගිහින් ඒ විදහට කරන්න.

      Delete

Post a Comment

Popular posts from this blog

සොහොයුරණි....

අපි අපේමයි සදා....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...