සොහොයුරණි....

සමහර අය ඉඳියි අපෙ දුක විතරක් පතන,
තවකෙකු සිටියි සතුටෙදි පමණක් ඉන්න,
ඇතැමෙක් සිටියි සියල්ල සූරා ගෙන කන්න,
එක් අයෙක් සිටියි පෙර කී කිසිත් නොපතන,,

ඔබ කී වදන් අද මට රන් මැණික් වගේ,
වැටහෙන්නේ දැනුයි මට ඒවායේ අගේ,
ඇදුරුතුමෙකි ඔබ මට ජීවන ගමන් මගේ,
ඔබය සැබවින්ම දිවි මග එකලු කලේ,,,

මගේ සොහොයුරණි ඔබ මට නෙතු සඟල වගෙයි,
මා සොහොයුරේ ඔබෙ ගුණ මහ සයුර සමයි,,
ඔබගේ දිවිය කැප කෙරුවේ මටම තමයි,,
මතු සසරෙදිත් මම ඔබෙ නැගණියම තමයි....

(මගේ සහෝදරයින් දෙදෙනාට මගෙන් පිදෙන උපහාරය..)

Comments

  1. හරිම ලස්සන කවි පෙලකි....

    ReplyDelete
  2. සහෝදරයොත් ඉන්නවා තමන්ගේ සහොදර සහෝදරියන් ගැන නොබලන.ඒත් මගේ සහොදරයත් ඔබ කිවුවා වගේමයි.හැබැයි ලොකු කැපවීම් නම් තාම එයා කරලා නෑ.ඒත් දෙන්න පුළුවන් හැම උදවුවක්ම එයා මට දෙනවා.

    ලස්සන කවි ටිකක්.අළුත් බ්ලොග් එකට සුබපතනවා ! දිගටම ලියන්න.ජය වේවා !

    යාළුවා මතක් කරලා මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නත

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. යාළු... මම කලින් බ්ලොග් එකක් කලා. ඒක දැන් නෑ. ඉතින් මම ඒකේ post එහෙමත් මේකේ දාන්නම්.. post එකක පොඩි අඩු පාඩුවක් තිබුනත් කියන්න යාළු ඒක මට ලොකු හයියක්..

      Delete

Post a Comment

Popular posts from this blog

අපි අපේමයි සදා....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...