සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...




මං හැඞුවෙ දුක දරාන ඉන්න බැරි කමටයි
නුඹ මගෙන් වෙන්ව ගිය බව දැනගත්තාමයි
මං ආදරෙ කෙරුවේ හැර යන්න නෙමෙයි
සත්තකින්ම ප්‍රේමය නම් දුකක් තමයි..

නුඹ මා මලකැයි පෙරදින කීවා තමයි
නුඹ සමනලයායැයි කියලා සිතුවෙ මමයි
සමනලයින් කිසිඳින මල් දමා නොයයි
නුඹ සමනලයෙකු නොව වන බඹරෙකුමයි..

තරු අතරින් සඳ හොයාන ගියේ මමයි
සඳ හැමදා ළඟ සිටීවි සිතුවෙ මමයි
එසේ සිතන් තරු අමතක කලේ මමයි
සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...
 

Comments

  1. සත්තකින්නම ප්‍රේමය නම් දුකක් තමයි . කතාව ඇත්ත ....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සොහොයුරණි....

අපි අපේමයි සදා....