ඔය හසරැල්ල සගවන්නෙපා කිසිදිනයක ...

-->

ඔය හසරැල්ල සගවන්නෙපා කිසිදිනයක
දනිමි නමුත් එය මට හිමි නැති බව
අහිමි වුනත් ඔබ මා හට හැමදින
අයිතිය දෙනු මැන එක හසරැල්ලක..

හඬනු එපා ඔබ නම් කිසිදිනයක
විඳිනු එපා විරහව කිසිදිනයක
දිවිහිමියෙන් පෙම් කර ඔබ ඇය හට
වටහා ගනු මැන පෙමක සොදුරු බව..

මම නික්මී යමි ඔබගෙන් ඈතට
පැතුමන් පමණක් හදෙහි තබාගෙන
අවැසි වුනොත් යලි මගෙ මේ සෙනෙහස
පැමිණ බලනු මම බලා හිදිමි මග..

Comments

  1. අනිමි උනත් ඔබ ම හට හැමදින..... අයිතිය දෙනු මැන එක හසරැල්ලක ....

    එක දැනෙන පදවැලක්..... ලස්සනයි...

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි ... :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සොහොයුරණි....

අපි අපේමයි සදා....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...