මනාපය...


   


    අද උඹේ දෙපා මුල 
    මනාපය යදින උන්
    රජවේවි හෙට දිනේ 
    නුඹෙ හිස පාගමින් ...

    අන්න ඒ දවසට 
    උන් යනෙන පාරෙවත් 
    ගමන් යන්නට උඹට
    වේවි තහනම් ඉතින්…

    මහ කැලෑ උගුලාවි 
    දළ ඇතුන් මිය යාවි 
    උන් බලය පතුරාවි,
    උඹ තවත් බය වේවි... 

    මුලා නොවී මුසා බසට
    උඹට අයිති මනාපයෙන් 
    පත්කරහන් එකෙක් ගමට
    උඹේ හිතට විශ්වසෙන් …

Comments

Popular posts from this blog

සොහොයුරණි....

අපි අපේමයි සදා....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...