තවත් දරුවෙක්මි මම...

වහිනවිට මහ වැස්ස
බයයි මගෙ පොඩි හිතට
කොහේ නම් දිව යම්ද
මවක් වත් නොමැති මම...

යදින විට ඔබේ ළඟ
ඔරවනා ඔබේ මුහුණ
දැක දැකත් යදින්නේ
කුසගින්න නිසයි මම...

නොබනින්න  මගේ මවට
දමා ගිය පවට
සාප නොමකරමි මම
උරුම නැති පියා වෙත..

ආදරෙයි  මන් මවට 
මෙන්ම මගේ පියා හට
හැර දමා ගියත් මා
නොදන්නා වීදියක……
.


Comments

  1. විදී දරුවන්, කාත් කවුරුවත් නැති හිත් වල මොන වගේ දුක් එකතු වෙලා ඇති ද...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපි අපේමයි සදා....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...

මට ආදරේ හිතුනා..