අපි අපේමයි සදා....



හැමදාම ළඟ හිටිය නුඹේ ලොකු ඇස් දිහා
බලන්නත් අද මට ඇයිද තහනම් වෙලා?...
ඒත් මට හිතයි නුඹ පෙනෙන දුරකට වෙලා
බලා යන්නට වරක් නුඹ තුටින් දෝ කියා...

හැමදාම නිදි නොඑන මගේ මැරුණ ඇස් දිහා
නුඹ බලා කියන හැටි අපි අපේමයි කියා...
කිසිවිටෙක සිතුවේ නෑ මෙසේ සිදුවෙයි කියා
නෙතු හඬයි දවා රෑ අපි අසරණයි නිසා...

අපි වැරදි නොකෙරුවත් අපිව වරදක් වෙලා
තවකෙක් සතුටු වෙයි හඬන අප දෙස බලා
අපේ හිත් කිසිවෙකුත් නොමහඳුනනා නිසා
ඉවසා ඉමු රත්තරනේ අපි අපේමයි සදා....

This is for my ever loving Gihan aiya..The reason behind my smile.... :) 
Sometimes, it's hard to find words to tell you how much you mean to me.A lot of times,I don't say anything at all.But I hope someday,you'll understand,having you is what I live for....

                                  

Comments

  1. It is nice indeed Waru....and really happy for u and u deserve real love....gd luk and be courageous. .

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සොහොයුරණි....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...