සදාතනික සිහිනය ..



හිත නැවතියන් දැන්,
හීල්ලුවා ඇති  දැන් ,
ඇති නොවී නැති වුන, 
බැඳීමක් වෙනුවෙන්,,,,,

හඬපන් මගෙ ඇස් ,
ඇති වෙනකල්  අද,
මගෙ අසරණ කමට නොව,
මන් හින්ද අසරණ වුනු ,
ඒ ලොකු ඇස් වෙනුවෙන්.. 

සොයුරු පෙම , මිතුරුදම 
අතර  සිරවුනු  අපේ 
ආදරය ……. 
මේ අපේ දෛවයද, ඉරණමද 
කියන් මට ….

අවසානයක් නොදැක 
නතර වුනු අප දෙදෙන
ඇත්තටම පැරදුනේ  
මිතුරුදමටද ? සොයුරුපෙමටද? 
කියා නොම හැඟේ මට….. 

Comments

Popular posts from this blog

සොහොයුරණි....

අපි අපේමයි සදා....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...