නුඹ හා මම ...

ගොඩ විය බසයකට  
නුඹත් මාත් ගිය
එක මගම ගමන් යන,
දැනුනි තනිකමක් මට
දුටු විට මගේ ලග හිස්ව
තිබු ඒ අසුන..
.....
නික්මිණි මගේ හිත
ගෙවුණු ඒ අතීතය වෙත
.................
මා සුරත අල්ලන් 
නුඹ මගේ ළගින් හිද,
දහසක් දේ කියයි 
නැවතුමක් නොමැතිවම..
.......
නාදවූ සීනුවෙන් 
තිගැස්සුනි මගේ හිත..
තවම මා සිටිනු ඇත
තනිවෙලා අසුන කොණ ,,
............
කඳුළු බිදුවක් වැටුණි
දුටු දෙයින් මගේ නෙත  ...
නුඹ ඇත අසුන් ගෙන
ඉදිරියේ වූ අසුනක
තනිව නොව ඇය සමග ...






Comments

Popular posts from this blog

අපි අපේමයි සදා....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...

මට ආදරේ හිතුනා..