ඔබ නිදහස් සමනළයෙකි..

ඔබ නිදහස් සමනළයෙකි දසත ඉගිලෙනා
මලින් මලට ඉගිලී ගොස් දඟ කම් පානා
මා රෝස මලකි ඔබගේ මල් ගොමුවේ සිටිනා
සෑම මලකටම වැඩියෙන් ඔබ ගැන සිතනා...

මලින් මලට ඉගිලී ගොස් දොඩමළු වෙයි ඔබ
එවිට දුකක් දැනුනත් මට එය නොදනියි ඔබ
මා කෙතරම් හැඞුවත් මා දෙස නොබලයි ඔබ
මේ තරම්ම නපුරු වුනේ කෙලෙසකදෝ ඔබ...

ඔබ මෙන් පියඹා යාමට මම තටු නොමලදිමි
ඔබ යන මග කෙටි බව මා හොඳහැටි දනිමි
තටු හකුලා මා වෙත එන බව මම දනිමි
එදින එන තුරා මා නම් අතැඟිලි ගණිමි...

Comments

  1. ලස්සන පද ටික.හොදට කවි ලියන්න පුළුවන් වගෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යා‌‍‍ලුවේ.. ( exam නිසයි reply කරන්න පරක්කු උනේ.)

      Delete

Post a Comment

Popular posts from this blog

සොහොයුරණි....

අපි අපේමයි සදා....

සඳ නැති අද ළඟ ඉන්නෙත් තරු පමණයි...