Posts

තවත් දරුවෙක්මි මම...

Image
වහිනවිට මහ වැස්ස බයයි මගෙ පොඩි හිතට කොහේ නම් දිව යම්ද මවක් වත් නොමැති මම ... ‍ යදින විට ඔබේ ළඟ ඔරවනා ඔබේ මුහුණ දැක දැකත් යදින්නේ කුසගින්න නිසයි මම ... නොබනින්න   මගේ මවට ම දමා ගිය පවට සාප නොමකරමි මම උරුම නැති පියා වෙත .. ආදරෙයි   මන් මවට   මෙන්ම මගේ පියා හට හැර දමා ගියත් මා නොදන්නා වීදියක …… .

අපි අපේමයි සදා....

Image
හැමදාම ළඟ හිටිය නුඹේ ලොකු ඇස් දිහා බලන්නත් අද මට ඇයිද තහනම් වෙලා?... ඒත් මට හිතයි නුඹ පෙනෙන දුරකට වෙලා බලා යන්නට වරක් නුඹ තුටින් දෝ කියා... හැමදාම නිදි නොඑන මගේ මැරුණ ඇස් දිහා නුඹ බලා කියන හැටි අපි අපේමයි කියා... කිසිවිටෙක සිතුවේ නෑ මෙසේ සිදුවෙයි කියා නෙතු හඬයි දවා රෑ අපි අසරණයි නිසා... අපි වැරදි නොකෙරුවත් අපිව වරදක් වෙලා තවකෙක් සතුටු වෙයි හඬන අප දෙස බලා අපේ හිත් කිසිවෙකුත් නොමහඳුනනා නිසා ඉවසා ඉමු රත්තරනේ අපි අපේමයි සදා.... This is for my ever loving Gihan aiya..The reason behind my smile.... :)  Sometimes, it's hard to find words to tell you how much you mean to me.A lot of times,I don't say anything at all.But I hope someday,you'll understand,having you is what I live for....                                   

සදාතනික සිහිනය ..

Image
හිත නැවතියන් දැන්, හීල්ලුවා ඇති  දැන් , ඇති නොවී නැති වුන,  බැඳීමක් වෙනුවෙන්,,,,, හඬපන් මගෙ ඇස් , ඇති වෙනකල්  අද, මගෙ අසරණ කමට නොව, මන් හින්ද අසරණ වුනු , ඒ ලොකු ඇස් වෙනුවෙන්..  සොයුරු පෙම , මිතුරුදම  අතර  සිරවුනු  අපේ  ආදරය …….  මේ අපේ දෛවයද, ඉරණමද  කියන් මට …. අවසානයක් නොදැක  නතර වුනු අප දෙදෙන ඇත්තටම පැරදුනේ   මිතුරුදමටද ? සොයුරුපෙමටද?  කියා නොම හැඟේ මට….. 

සිත්තරාවිය .......

Image
  සිත්තරාවියයි මා   හිස් කලාගාරයක , සිතුවමක් අඳිමි   මා , නොපෙනෙනා රූපයක ...... සිහිනයක් දුටිමි මා ඒ මන් ඇඳි රූපෙම, දෑස්   හැර බැලීමි මා ඒ රුව නෑ   මන් ළඟ  .. සිත්තරාවියයි   මා නුඹගේ රුව ලුහුබඳින,, හිස් කලාගරයයි   මාගේ හදවත නුඹ වෙනුවෙන් තැනුන ....

නුඹ හා මම ...

ගොඩ විය බසයකට   නුඹත් මාත් ගිය එක මගම ගමන් යන, දැනුනි තනිකමක් මට දුටු විට මගේ ලග හිස්ව තිබු ඒ අසුන.. ..... නික්මිණි මගේ හිත ගෙවුණු ඒ අතීතය වෙත ................. මා සුරත අල්ලන්  නුඹ මගේ ළගින් හිද, දහසක් දේ කියයි  නැවතුමක් නොමැතිවම.. ....... නාදවූ සීනුවෙන්  තිගැස්සුනි මගේ හිත.. තවම මා සිටිනු ඇත තනිවෙලා අසුන කොණ ,, ............ කඳුළු බිදුවක් වැටුණි දුටු දෙයින් මගේ නෙත  ... නුඹ ඇත අසුන් ගෙන ඉදිරියේ වූ අසුනක තනිව නොව ඇය සමග ...

මට ආදරේ හිතුනා..

Image
මා හඬනා විට , හඬන නුඹ දැක, පුදුමයකැයි දැනුනා .. නුඹ ගැන ආදරේ හිතුනා .... ඔබ නිසා හැඬුවා , නොයෙකුත් චෝදනා වින්දා, දමා යන්නට විටදී සැරසුන, හඬා වැටෙනා නුඹව දුටු විට, මගෙත් හිතත් හැඬුවා ..... මට ආදරේ හිතුනා..... බැනුම් කොතරම් ලදත් මාගෙන් ඇයිද නුඹ මා හැර නොයන්නේ , මගේ සිත ඇසුවා ...... ඒ ආදරේ යැයි , හිත මටම කීවා ... ......මට ආදරේ හිතුනා..

ඔය හසරැල්ල සගවන්නෙපා කිසිදිනයක ...

Image
--> ඔය හසරැල්ල සගවන්නෙපා කිසිදිනයක දනිමි නමුත් එය මට හිමි නැති බව අහිමි වුනත් ඔබ මා හට හැමදින අයිතිය දෙනු මැන එක හසරැල්ලක .. හඬනු එපා ඔබ නම් කිසිදිනයක විඳිනු එපා විරහව කිසිදිනයක දිවිහිමියෙන් පෙම් කර ඔබ ඇය හට වටහා ගනු මැන පෙමක සොදුරු බව .. මම නික්මී යමි ඔබගෙන් ඈතට පැතුමන් පමණක් හදෙහි තබාගෙන අවැසි වුනොත් යලි මගෙ මේ සෙනෙහස පැමිණ බලනු මම බලා හිදිමි මග ..